පාකිස්තානයේ අයි.එස්.අයි. ඔත්තු සේවයට ඔත්තු බැලූ බව කියන ශ්‍රී ලංකා ජාතිකයා ඉන්දියාවේ අලුතෙන් ඉදිවන සබ්මැරීන් මධ්‍යස්ථානයක තොරතුරුද රැස්කර තිබෙන බව ඉන්දිය ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.
විසාග් සබ්මැරින් මධ්‍යස්තානයේ සිතියම්, ඡායාරූප හා වීඩියෝ දර්ශන ඔහු විසින් ලබාගෙන තිබෙන බවත් ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. එසේම මෙම තොරතුරු ඔහුට අයි.එස්.අයි. ඔත්තු සේවයට ලබාදීමට නොහැකිවී තිබේ.
එසේම පසුගිය අවුරුදු තුනක කාලය තුළදී අරුන් සේල්වරාජන් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා කෝටි 2කට ආසන්න මුදලක් ඔත්තු සැපයීමෙන් ලබාගෙන තිබෙන බවත් තහවුරු වී තිබේ.