වසර 9කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක පරාජයට පත්කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (22දා) සමත්විය.
ඒ ආර්. ප්‍රේමදාස පිටියේ අද නිමාවූ සිවුවැනි එක්දින තරගයෙන්ද කඩුලු 7ක ජයක් ලබමින් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස පෙරමුණ ගනිමිනි. පාකිස්තාන කණ්ඩායමක් අවස්නවරට ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් හිමිකරගෙන තිබුණේ 2006 වසරේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 257ක ඉලක්කය කඩුලු 3ක් පමණක් වැය කර තරගයේ 40.5 පන්දුවාරයේදී පසුකර යාමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ.