එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදි දෝහා හි පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපිරි ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් එක්වීමට නියමිත බව පාකිස්තාන මාධ්‍යවාර්තා කරනවා.
ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන් හා තිසර පෙරේරා මෙසේ එම තරගාවලිට එක්වීමට නියමිත ක්‍රීඩකයෝ වෙති. පාකිස්තාන සුපිරි ලීගයක් පැවත්වෙන්නේ ප්‍රථම වතාවටය.
කොදෙව්හි කිරන් පොලාඩ්, ඩ්වේන් බ්රාවෝ, සුනිල් නාරායන් හා සැමුවෙන් බඩ්රී යන ක්‍රීඩකයන්ද තරගාවලිය එක්වීමට සූදානමින් සිටියි.
ඔවුන්ට අමතරව ඔස්ට්‍රේලියානු, නවසීලන්ත, දකුණු අප්‍රිකා යන රටවල ක්‍රීඩකයන්ද එක්විමට නියමිතය.