(UPDATE) පාකිස්තානයේ චිත්‍රාල් සිට ඉස්ලාමාබාද් දක්වා පියාසර කරමින් තිබූ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
PIA ATR-42 හෙවත් PK-661 දරණ මෙම යානය ඇබොට්ටාබාද් ආසන්න හවේලියාන් ප්‍රදේශයේදී අනතුට පත්ව ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, ගුවන් යානය අනතුරට පත්වූ ප්‍රදේශය වෙත සියලු හදිසි සේවා පිටත්කර යවා ඇති බවත්, හමුදාවද ඒ ප්‍රදේශය වෙත ගමන් කර ඇති බවත් පාකිස්තාන රජය පවසයි.
කෙසේ වෙතත්, මෙම යානා අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, යානයේ එන්ජිමේ දෝෂයක් සිදුව ඇති බව මෙන්ම, යානය ප්‍රධාන පාලක මැදිරිය සමග සබඳතා බිඳ වැටීමක් පිළිබඳවද තොරතුරු වාර්තා වන බව කියයි.
මේ අතර, සිද්ධිය වූ ස්ථානයෙන් ලැබෙන තොරතුරු අනුව යානයේ ගමන් කළ සියුලම දෙනා හඳුනාගත නොහැකි මට්ටමින් පිළිස්සී ඇති බවත්, යානයේ සුන්බුන් සෑම තැනම විසිරී පවතින බවත් කියැවෙයි.