දින දෙකක නිල සංචාරයක් සඳහා පාකිස්තාන මම්නූන් හුසේ්න් මහතා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (08දා) පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඔහු පාකිස්තානයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර හෙට දිනයේදී නැවතත් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් හා පාකිස්තාන ජනපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.