හෙරොයින් කුඩා ගුලි වශයෙන් සකස කර ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන කාන්තාවක් ඊයේ (13 දා) රාත්රයේදී කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය මීගමුව රෝහලට ඇතුළත් කිරීමේන් පසුව විරේක ගන්වා මෙම ගුලි පිටතට ලබාගෙන තිබෙන අතර ඇයගෙන් ගුලි 46ක් පිටතට ගෙන තිබෙනවා.
ඇයගේ ශරීරයේ තවත් හොරොයින් ගුලි තිබිය හැකි බවයි පොලීසිය පවසන්නේ.