එ.ජා.ප. ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ්ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 තෙක් යළි රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියම කළේය.
එ.ජා.ප. රැලියක සැරසිලි කරමින් සිටියදි එ.ජා.ප. ආධාරකරුවෙකු වන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, නීතිපති උපදෙස් සඳහා වැඩිදුර වාර්තා යොමුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්හ.
රත්නපුර - මලිති පෙරේරා/ නිවිතිගල හසල බුද්ධික කුමාරගම