තම පියාට පහර දී පියාව ඝාතනය කල පුවතක් අද (05දා) උදෑසන මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ වි. ඩී. ගාමිණී ආනන්ද නම් 41 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
විසි හැවිරිදි පුතණුවන් ඇති කරගත් පේ‍්‍රම සම්බන්ධතාවයකට පියා විරුද්ධ වීම නිසා දෙදෙනා අතර සිදු වු බහින් බස් වීමක් දුර දිග යෑමෙන් මෙම සිද්ධිය උදෑසන 9 .00 ට පමණ මාවනැල්ල හිඟුල ප්‍රදේශයෙන් පොලිසියට වාර්තා වී ඇත.
අදාල සැකකරු අද සවස මාවනැල්ල පොලිසියට බාර වී ඇති අතර හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාවනැල්ල පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර