ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර අභියාචනාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන මහතා ද මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඡායාරූප - සුදත් සිල්වා