පවතින ප්‍රාදේශීය සභා පනත මගින් වතු කම්කරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් ලබාදීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නිසා ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අනුව 1987 අංක 15 දරන පනත සංශෝධනය කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය අනුමත වූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වතු ජනතාවට පොදු පහසුකම් සැලසීමට නියමිතය.