මෙම වසරේ රෝහල්වල නව ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 7957ක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම මුදල, යන්ත්‍ර උපකරණ නඩත්තු කිරිම්, උපකරණ මිලදී ගැනිම් සහ නව ඉදිකිරීම් සඳහා වෙන් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව කළුතර මහ රෝහලට සායන වාට්ටුවක්, අක්ෂි වාට්ටුවක් සහ මහල් 05 කින් යුත් හදිසි අනතුරු ඒකකයක් ඉදිරිකිරිමට ද බේරුවල රෝහල, අළුත්ගම සහ දර්ගා නගරයන්හි ග්‍රාමිය රෝහල් සංවර්ධනය සඳහා ද සැළසුම් කර තිබේ.
එමෙන්ම මීගමුව රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකීර්ණයේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සහ සොයිසා කාන්තා රෝහලේ නොමෙරූ ළදරු ඒකකය ඉදිකිරිමට නියමිත අතර වකුගඩු සායන මධ්‍යස්ථානයක්, වකුගඩු රෝගීන් සඳහා වාට්ටු සංකිර්ණය, හෙද විදුහල් සංවර්ධනය, වකුගඩු රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන සහ ජංගම වෛද්‍ය රථ සැකසීම සඳහා ද මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.