ජනමාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මින් ඉදිරියට ප්‍රාදේශීය මාධ්‍යවේදී තනතුර යටතේ හැඳුනුම්පත් නිකුත් නොකරන බව රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සඳහන් කළේය.
රටකට සිටිය යුත්තේ නිදහස් හා පූර්ණ කාලීන මාධ්‍ය කණ්ඩායම් බවත්, මේ නිසා ලබන වසරට අදාළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සිට ප්‍රාදේශීය මාධ්‍ය තනතුර හැඳුනුම්පතට ඇතුළත් නොකරන බවද කලංසූරිය මහතා පවසා සිටියේය.
මීට අමතරව මාධ්‍ය නියාමනය කිරීම සඳහා ලබන වසරේ මුල් මාස 03 තුළ ස්වාධීන නියාමන කොමිසමක් පාර්ලිමේන්තු අනුමැතිය යටතේ ස්ථාපිත කරන බවද හෙතෙම සඳහන් කළේය.
එය ඇති කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවත්, මාධ්‍යවේදීන්ටත් ඒ සඳහා අදහස් ලබාදිය හැකි බවද අද (30දා) පැවැති උත්සවයකදී රංග කලන්සූරිය මහතා සඳහන් කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ