ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2014 වර්ෂයේ පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම හා ප්‍රාචීන අවසාන විභාග වලින් සමස්ත ලංකා මට්ටමින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා 09 දෙනෙක් වෙත මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගිවීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම අද (28) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඒ. බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින් සංවිධානය කරනු ලබන 2016 පෙබරවාරි මස 04 දින සිට 24 දින දක්වා පැවැත්වෙන මෙම අධ්‍යයන සංචාරයේ පූර්ණ අනුග්‍රහය මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බූටාවත්තේ සරණංකර නායක මාහිමිපානන් වහන්සේ විසින් දක්වා ඇත.