ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය කැමැත්ත පළ කර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මීට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (11දා) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ ණය සහ යටිතල පහසුකම් පිළිබඳ සහකාර අධ්යක්ෂ ඩේබ්රා සී. වොන් කොච් මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක, මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.