විජයාගමනයට පෙර සිටම මෙරට ඉතිහාසය පිළිබඳ සාධක ඇති බැවින් ලංකාවේ ප්රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීමට කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා නැගූ ප්රශ්නයකට අදහස් දක්වමින් අග්රාමාත්යවරයා මේ බව කීය. කූරගල ප්ර‘දේශයේදී වසර 8,000 ක් පමණ පැරණි ඇට සැකිල්ලක් සොයාගෙන ඇති අතර, මහාචාර්ය දැරණියගල මහතා මේ පිළිබඳ උපදේශකවරයෙකු ලෙස පත්කර අදාළ ගවේෂණ සිදුකිරීමට නියමිත බව අග්රාමාත්යවරයා ප්රකාශ කළේය.
කූරගල ප්ර‘දේශයේ බෞද්ධ සිද්ධස්ථානයක් සහ මුස්ලිම් ආගමික ස්ථාන පැවතී ඇති බැවින් ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කරමින් කැණීම් කටයුතු සිදුකළ හැකි බව අගමැතිවරයා කීය.
ප්රාග් ඉතිහාසය පිළිබඳ ඉදිරි වසර වනවිට කටයුතු කිරීමට හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ආරාධනා කරන බවත් රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේය.
අග්රාමාත්යවරයාගේ මෙම පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බවත්, සබරගමුව පළාතේ බෙලිලෙන කිතුල්ගලට යන මාර්ගය අබලන් වී ඇති බැවින් එය පිළිසකර කරදෙන ලෙසත් හඳුන්නෙත්ති මන්ත්රීවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. එය ඉතා වැදගත් බව පිළිගත් අගමැතිවරයා ඒ පිළිබඳව විශේෂයෙන්ම සෝදිසි කරන බව ප්රකාශ කළේය.
ජනවාර්ගික ගැටුම්වලින් තොරව කූරගල ප්ර‘දේශය දියුණු කිරීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්රී සරත් අමුණුගම මහතාද අගය කළේය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළේ නව පළාත් පාලන කොට්ඨාස බෙදීම මගින් ශ්රීපාදස්ථානය විශාල අසාධාරණයකට ලක්ව ඇති බැවින් එය නිවැරදි කරන ලෙසයි. ඒ පිළිබඳව කටයුතු කරන බවද අගමැතිවරයා කියා සිටියේය.