ප්‍රසන්නගේ ශ්‍රීලනිප සාමාජිකත්වය ළඟදීම ඉවතට?
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින කිහිපයේදී ඉවත් කිරීමට ඉඩ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මන්ත්‍රීවරයා පසුගිය කාලයේදී පක්ෂ නායකත්වය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශ ඇතුළත් පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වෙත මේ වනවිටත් යවා ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව ඔහුට විරුද්ධව ඇති චෝදනා සලකා බලා ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග මහතා පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් ඉකුත් සමයේ අදහස් පළ කළේය.
මහනුවර සිට කොළඹ දක්වා පසුගියදා පැවැත්වූ ජන සටන පාද යාත්‍රාව සංවිධානය කිරීමේදීද ඒ මහතා ඉදිරියෙන්ම සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

