මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇති රුවන් රණතුංග මහතා පිළිනොගන්නා බව එම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක නියෝජිතයෝ අද(01දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.
මිනුවන්ගොඩ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එම ආසනයේ හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි ලබාදෙන්නැයිද ඔවුහු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.