ක්‍රිකට් පිත්තකින් පහරදුන් බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයාගෙන් සිය කීර්තිනාමයට කළ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු පවරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අද (24දා) පෙරවරුවේ කුරුඳුවත්ත පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ කීය. 22 වැනිදා දහවල් මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය දැනගත් මොහොතේ සිට මේ දක්වා පොලීසියට කිසිදු බලපෑමක් නොකළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.