ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතාගේ ආදායම් බදු වාර්තා ලබාදෙන්නැයි ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ.
ඒ අනුව මන්ත්රීවරයාගේ පසුගිය වසර කිහිපයකට අදාළ ආදායම් බදු වාර්තා ලබාදෙන්නැයි දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් රණතුංග මහතාගේ කාර්යාලයට පැමිණ මෙම විස්තර ඉල්ලා තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී ප්රසන්න රණතුංග මහතා සඳහන් කළේ, පසුගිය කාලය පුරා නියමිත පරිදි ආදායම් බදුවාර්තා ලබාදීමට තමන් කටයුතු කර තිබෙන බවයි.
ආදායම් බදු නිලධාරීන් පැමිණ වාර්තා ඉල්ලා ඇති බැවින් එම වාර්තා ලබාදීමට කටයුතු කරමින් සිටින බවද මන්ත්රීවරයා සඳහන් කළේය.