අද (02දා) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය 07 ක් ප්‍රශ්න කළේය. අද පෙරවරු 9.45 ට පමණ ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණු අතර, ඇය නිදහස් කර තිබුණේ සවස 5.00 ට පමණය. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත ඒ මහත්මියගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබිණි.