බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ප්‍රසන්න රණතුංග මහතා ඉවත් කිරීමට දියත් වන උත්සාහයට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු අද (23දා) දින ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූහ.
ඔවුන් සඳහන් කළේ ප්‍රසන්න රණතුංග මහතා ඉවත් කළහොත් දිස්ත්‍රික්කය පුරා උද්ඝෝෂණ පවත්වමින් ජනයා පෙළ ගස්වන බවයි.
කැලණිය, වත්තල, දිවුලපිටිය, මිනුවන්ගොඩ, පෑලියගොඩ, දොම්පේ, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, කටුනායක සීදුව, ජා-ඇල, මහර පළාත් පාලන නියෝජිතයන් මෙම ප්රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබේ.
මීට අමතරව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාද මෙහිදී අදහස් දක්වා ඇත.