වෛද්‍යවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම පිළිබඳව හෝ මූලික වැටුපට රුපියල් 10,000 ක් එකතු කිරීම සම්බන්ධව තමන් සමග රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කිසිදු සාකච්ඡාවක් හෝ දැනුවත් කිරීමක් සිදුනොකළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනානාරත්න මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්න හා ගැටලු තමා බොහෝ විට දකින්නේ මාධ්‍ය තුළින් බැවින් එසේ නොකොට වැඩවර්ජන නොකර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම ඉතා කාලෝචිත හා වැදගත් කාරණයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.