ප්‍රශ්න කිරීම් රුසක් අදත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ විමර්ශන කොට්ඨාශය අද(27) පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශයන් ලබාගෙන තිබේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කරකළේය. ඒ, ඔවුන් වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් සැක පළ කරමිනි.හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් යන මහත්වරුන්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශ ලබාගෙන තිබේ.
ගාමිණි සෙනරත් මහතාගෙන් පොලිසිය මෙලෙස ප්‍රකාශයක් ලබා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවු මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

