පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහාශීඝ්රගාමී බස්රථ සේවාවක් ඇතිකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයත් සමග සම්බන්ධවී කටයුතු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
එසේම මාර්ග තදබදයට පිළියමක් ලෙස කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස පුළුල් කිරීමත්, එම දුම්රිය මාර්ගය අසලඅනවසර පදිංචිකරුවන්ට නව නිවාස ඉදිකිරීමත් මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය..
ඩොලර් මිලියන6000 ක පමණ වියදමින් සැහැල්ලු දුම්රිය සේවාවක් විධිමත්ව පියවරෙන් පියවර දියත් කර ඇති බවත් අමාත්‍යාවරයා සඳහන් කළේ අද (03දා) කුඩමාදුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.