ප්‍රමිතියට අනුකූල නොවන සිමෙන්ති වෙළෙඳ පොළ තුළ අලෙවි කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා ප්‍රමිතියෙන් තොර සිමෙන්ති අලෙවි කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
සිමෙන්ති ඇසුරුම් කළ පසු බෑග් ඉරී යෑම සහ බෑග් තුළින් සිමෙන්තිවලට හිරු එළිය නිරාවරණය වීම නිසා සිමෙන්ති කැට ඇති වීම් සිදුවන බවත්, එම කැට කුඩුකර ඇසුරුම්වල අසුරා නැවත වෙළෙඳ පොළ තුළට නිකුත් කරන බවට තොරතුරු ලැබී තිබෙන බවද එම අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිමෙන්ති ආනයනය කරන්නන්, ගබඩා කරන්නන්, බෙදා හරින්නන් මෙම කටයුත්ත සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන බවත්, ඒ පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව 0771088910 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.