ඛනිජ තෙල් සංස්ථාව මගින් ආනයනය කළ ප්රමිතියෙන් තොර පෙට්රල් තොගයක් හේතුවෙන් ඉන්ධන අලෙවිසැල්වල ඉන්ධන පොම්ප අක්රිය වී ඇතැයි වාර්තා වේ.මෙම පෙට්රල්, ඉන්ධන පොම්ප හරහා වාහනවලට ලබාදීමේදී එය නියමිත වේගයට වඩා අඩු වේගයකින් පොම්ප වන අතර, පාරිභෝගිකයන් විසින් මෙය ඉන්ධන පොම්පයේ ඇතිවී තිබෙන ගැටලුවක් ලෙස සැලකුවද එය සිදුව ඇත්තේ ප්රමිතියෙන් තොර පෙට්රල් හේතුවෙන් බව ඉන්ධන අලෙවිසැල් හිමියෝ පවසති.
කොලොන්නාවෙන් බෙදා හරින පෙට්රල් තොගයක මෙම ගැටලුව ඇතිව තිබෙන අතර, ඉන්දීය තෙල් සමාගමට හා ශ්රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන පොම්ප ප්රමිතියෙන් තොර පෙට්රල් තොගය හේතුවෙන් මෙම ගැටලුවට සිදුව තිබේ.
මීට පෙරද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ ආකාරයට ප්රමිතියෙන් තොර ඉන්ධන තොග ශ්රී ලංකාවට ආනයනය කළද පසුව එවා ආපසු හරවා යවා තිබිණි.