රජයේ ප්‍රමිතිවලට අනුව සකස් කරන ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් මිල ඉදිරි දෙසතිය තුළ තවදුරටත් පහත දමන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් හතළිහකට අධික ප්‍රමාණයක් මේ සතිය තුළදී වරායට පැමිණෙන බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.
රජය විසින් ජනවාරි පළමු වැනිදා සිට හඳුන්වාදුන් නව නීති නිසා අමුද්‍රව්‍ය ගෙන්වීම සුළු ඇනහිටීමකට ලක්ව තිබූ බවත්, මේ නිසා වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ලන්ච් ෂීට් එකක මිල රුපියල් 2.50 දක්වාත්, ෂොපින් බෑග් එකක මිල රුපියල් 2.30 දක්වාත් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙම සුළු මිල වැඩි වීම පදනම් කරගෙන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සමහර ආයතන කටයුතු කර තිබෙන බවත්, එහෙත් ඉදිරි දෙසතියෙන් පසු ලන්ච් ෂීට් එකක මිල සහ ෂොපින් බෑග් එකක මිල පහළ යන බවත් හෙතෙම සඳහන් කළේය.