රික්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූකම්පනයකින් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරය දෙදරා ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
දකුණුදිග මෙක්සිකෝවේ ඇකපුල්කෝ නගරයට සැතපුම් 60ක් පමණ වයඹ දෙසට වන්නට මෙම භූ කම්පනය ඇති වී තිබෙන බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේ වෙතත් භූ කම්පනයේ අපිකේන්ද්‍රයෙන් සැතපුම් 190ක් දුරින් පිහිටි මෙක්සිකෝ සිටි නගරයේ ගොඩනැගිලි රැසක් භූකම්පනය හේතුවෙන් සෙලවී ගිය අතර, ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා දිවයන ආකාරය දැකගත හැකිවිය.
දැනට ලැබෙන තොරතුරු අනුව භූකම්පනය සුළු කාලයකින් අවසන් වුවත්, කාර්යාල සේවකයන් ගොඩනැගිලි නොමැති පිට්ටනි වෙත දිවඑන ආකාරය විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
මේ අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දැනට සුනාමි අවදානයක් නොමැති බවයි.
ආරම්භයේදී රික්ටර් මාපාංක 6.8ක් ලෙස සඳහන්වුවත්, ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය එම භූකම්පනය 6.4ක් ලෙස පසුව වෙනස් කළේය.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව තවම තොරතුරු වාර්තා නොවෙයි.