ප්‍රධානම සමාගමක මත්පැන් නිෂ්පාදනය අත්හිටුවයි
- 27 08 2017
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදන සමාගමක නිෂ්පාදන කටයුතු අත්අහිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම ආයතනය ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 65ක හිඟ බදු මුදල් නොගෙවීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු මෙසේ තාවකාලිකිව අත්හිටුවා ඇත.
නියමිත බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය පිළිවෙත වුවත් පසුගිය කාලය තුළ හිග බදු මුදල් ගෙවා නොතිබුණත් මෙම සමාගමට බලපත්‍රය නිකුත් කිරීම සිදුවිය.
පසුගිය ජුලි 31 දින සිට හිඟ බදු මුදල් රුපියල් කෝටි 65ක් වුවත් අගෝස්තු මාසයට එම බදු මුදල කෝටි 90කට ආසන්න වෙන බවද පැවැසේ.
මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වසන්ත දිසානායක මහතාගේ කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ හිඟ මුදල් ගෙවන තෙක් මෙම සමාගමේ මත්වැන් නිෂ්පාදන කටයුතු අත්හිටවූ බවයි.
ඉරිදා ලංකාදීප ඇසුරෙනි - දයාසීලි ලියනගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

