මෙරට ප්‍රධාන පක්ෂ දෙකම රටෙහි ඒකීයභාවය පිළිනොගත් බවත්, එලෙස පිළිගන්නා ලෙස බලපෑම් කිරීමට හැකිවූ එකම පක්ෂය ජාතික හෙළඋරුමය බවත් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය එක්සත් යන වචනයද, ශ්‍රීලංකා නිදහස් පක්ෂය නොබෙදුන රටක් ලෙසද හැදින්වූ වචන සඳහා ඒකීය රටක් යන්න ඔවුන් ආදේශ කළ බවද පළාත්සභා මන්ත්‍රීවරයා පැවසුවේ අද(05) පැවති මාධ්‍ය හමුවේදීය.
එබැවින් තම පක්ෂයට ජාතිවාදය අවුසනවා යැයි ඇතැමුන් සිදුකරන ප්‍රකාශ හෙළාදකින බවද හෙතෙම කීය