මෙරට ප්‍රධාන ජලාශ 73 අතුරින් 14ක ජල මට්ටම ඉහළ ගොස් වාන් දමන බවත්, ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව නාච්චදූව, රාජාංගණය, අබේවෙල, කන්දේඇල, රෑගම්, උන්නිචි, ඇල්ලෙවෙල, කැකුණදුරජලාශද, අත්තරගල්ල, දැදුරුඔය, මැදියාව, උස්ගල, සියඹලාව වාන් ඇළ ජලාශ මෙලෙස වාන් තත්ත්වයට පැමිණ තිබෙන බවත්, තවත් ජලාශ 08 ක ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒ අවට පහළ බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
අඹයවැව, දඹරවැව, බඳගිරිය, මුරුතවෙල, තිස්සවැව, වීරවිල, බතලෙගොඩ, කිඹුල්වාන ජලාශවල ජලමට්ටම එලෙස ඉහළ යමින් තිබේ.
පවතින වර්‘ෂා කාලගුණයත් සමග අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.
ඒ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි අද (03දා) දිනයේදීද ඇතැම් ප්‍රදේශවල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර ඇතැම් ප්‍රදේශවල සවස් කාලයේ ඇති වන ගිගුරුම් සහිත වැසිවල අඩු වීමක් අපේක්ෂා කරන බවයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, එම අවස්ථාවලදී එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මේ අතර මුහුදු සුළං පැයට කිලෝමීටර් 20- 30 අතර වේගයක පවතිනු ඇති අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.