ගෙවීගිය මාස 10 ක කාලය තුළදී මෙරට තුළ හෙරොයින් ජාවාරම් කටයුතුවල නිරත වූ ප්‍රධාන පෙළේ පුද්ගලයන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 20,468 ක් පොලිස් අත්අඩංගුවට පත්වේ.
මීට අමතරව විදේශ රටවල සිට මෙරටට හෙරොයින් එවන ජාවාරම්කරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබෙන අතර, ඒ සඳහා මෙරට අධිකරණවලින් රතු නිවේදන 06 ක් නිකුත්කර ඇත.
පසුගිය කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙන හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 311 ක් වන අතර, ගෙවීගිය මාස තුනක කාලයේදී රුපියල් ලක්ෂ 50 - 60 ට අලෙවි වූ හෙරොයින් කිලෝවක මිල මේ වනවිට රුපියල් එක්කෝටි පනස්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට තුළ හෙරොයින් ජාවාරමේ නිරත වූ කණ්ඩායම් හතරෙන් කණ්ඩායම් තුනක ප්‍රධාන පුද්ගලයන් මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.