යුද්ධය නිමාකළද උතුරේ සහ දකුණේ ජනකොටස් අතර සංහිඳියාව ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇති බවත්, එම සංහිඳියාව ඇතිකර ගැනීම රට හමුවේ ඇති ප්රමුඛ අභියෝගය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ 67 වැනි ජාතික නිදහස් දිනය සමරමින් අද (04දා)පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවති ප්‍රධාන උත්සවයේදීය. දරිද්‍රතාව තුරන් කිරීම ශ්‍රී ලංකාව හමුවේ ඇති තවත් අභියෝගයක් බවත්,
මෙරටදරිද්රතා දර්ශකය 6.7% ක් පමණ වනබවත්,මේ සඳහා විශේෂයෙන් අවධානයක් යොමුකර එය හැකි තරම් අවම කරගැනීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශකළේය.විධායක ජනාධිපති ධුරයේ බලතල සීමාකරමින් නව පාලන ක්‍රමයක් හඳුන්වාදෙන බවට ජනාධිපතිවරණයට පෙර තමන් ලබාදුන් පොරොන්දුද එලෙසින්ම ඉටුකරන බවත්, එමගින් පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කරන බවත් ජනධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.
ඡායා - ක්‍රිශාන් රණසිංහ