වැලි ජාවාරම්කරුවෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා මහියංගණය ප්‍රාදේශීය මාධ්‍යවේදී රංජිත් කරුණවීර රෝහලේ
මහියංගණය පාලම් හන්දිය ප්‍ර‘දේශයේ ආපනශාලාවක් තුළ පෙරේදා (27දා) සවස 1.00 ට පමණ වැලි තොටුපළ හිමිකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ මහියංගණය ප්‍රදේශිය වාර්තාකරු රංජිත් කරුණාවීර මහතා තුවාල ලබා මහියංගණ මූලික රෝහලට ඇතුළත්කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ රංජිත් කරුණාවීර මහතා මෙම පහරදීම සම්බන්ධයෙන් හසලක පොලීසියට CIB 0144/338 යටතේ පැමිණිල්ලක්දකර ඇත.
ඔහු පවසන අන්දමට කෑම පාර්සලයක් ලබාගැනීම සඳහා මෙම ආපනශාලාව වෙත ගිය අවස්ථාවේ වැලි තොටුපළවල් කිහිපයක හිමිකරුවෙක් වූ තිලක් විදානගමගේ නමැත්තා තමාට පහරදුන් බවයි.
පසුගිය කාලයේ ඉවක්බවක් නොමැතිව මහවැලි ගඟේ වැලි ගොඩදැමීම නිසා පාලම ඇඳ වැටීමේ අවදානමක් පිළිබඳව මෙම මාධ්‍ය‘වේදියා නොබියව මාධ්‍යයට වාර්තා කිරීම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් මොහු සමග දැඩි සේ උරණව සිට ඇත.
පහර දුන් පුද්ගලයා මහියංගණය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හා පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකි. පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක් සමත් වී නැත.
පදියතලාව - සී.වී. කුමාර