ඉටි ප්‍රතිමා ප්‍රදර්ශනයක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී
අතුල හේරත් සහ මහිම හේරත් යන පිය පුතු දෙපළ විසින් නිර්මාණය කරන ලද ඉටි ප්‍රතිමා ඇතුළත්, ජීවමාන ඉටි රූ දැක්ම, ඉටි ප්‍රතිමා ප්‍රදර්ශනය 09 වැනිදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් කොළඹ කලා භවනේදී විවෘත විය.
ඉටි භාවිත කර ජීවමාන ආකාරයෙන් නිමවා ඇති පිළිරූ 14 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන බව පැවසෙයි.
මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, විශාරද ඩබ්.ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න යන කලාකරුවන්ගේද, බෲස් ලී, වේ ගුවේරා වැනි අයගේද, ශ්‍රී වික්‍රම රාජසිංහ, ඇහැලේපොළ කුමාරිහාමි, මද්දුමබණ්ඩාර, කැප්පෙටිපොළ නිළමේ වැනි ඓතිහාසික චරිතයන්ගේ පිළිරූ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙන බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

