පලාත් පාලන ආයතනයක සියළුම කොට්ටාසවල ප්‍රථිපල තේරීම් භාර නිළධාරීන් විසින් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ථ ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිදහස් කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
ඒ ඒ කොට්ටාසවල ඡන්ද ගණනන් කිරීම අවසන් වී ප්‍රථිපළ තේරීම් භාර නිළධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී තිබුනද අතින් රැගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිළධාරීන්ට සිදුව තිබෙන බවද මැතිවරණ කොමිසන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මීට අමතරව ඇතැම් මධ්‍යස්ථානවල තැපැල් ඡන්ද එකතු කර ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් කොට්ටාසවල එකතු කර නොමැති බවද එම කොමසන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.