ප්රජාතන්ත්රවාදී නියෝජන ක්රමයේ හදවත කොට්ඨාස ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවැනි සංශෝධනය තුළින් මැතිවරණ ක්‍රමය කොට්ඨාස ක්‍රමයට සහ අනුපාත ක්‍රමයට වෙනස් කිරීමට තමන් එකඟ බවත්, ජනතාවට තමන්ගේ ප්‍රකාශන හැකියාව එළිදැක්විය හැක්කේ කොට්ඨාස ක්‍රමයෙන් බවත් හෙතෙම පැවසීය. වමේ පක්ෂ එකමුතුවෙන් අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.