ප්රජාතන්ත්රවාදී පක්ෂය යටතේ ඌව පළාත් සභාවට ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරාගැනීම මේ වනවිට අවසන් කර තිබේ.
ඌව පළාත් සභාවට අපේක්ෂකයන් තෝරාගැනීම යටතේ මොනරාගල දිස්ත්රික්කයට තෝරාගෙන සිටින සියලුම අපේක්ෂකයන් මොනරාගල දිස්ත්රික්කයේ ස්ථිර පදිංචිකරුවන් වන අතර, බදුල්ල දිස්ත්රික්කයට අපේක්ෂකයන් තෝරාගැනීමේදීත් එම පිළිවෙත අනුගමනය කර තිබෙන බවත් වාර්තා වේ.
ඌව පළාත් සභා මැතිවරණය යටතේ බදුල්ල දිස්ත්රික්කයට අපේක්ෂකයන් 21 කුත්, මොනරාගල දිස්ත්රික්කයට අපේක්ෂකයන් 17 ක් එක් පක්ෂයක් විසින් ඉදිරිපත් කළ යුතුය. එම පිරිසෙන් මොනරාගල දිස්ත්රික්කයට මන්ත්රීවරුන් 14 දෙනෙකුත්, බදුල්ල දිස්ත්රික්කයට මන්ත්රීවරුන් 18 දෙනෙකුත් තෝරාපත් කර ගනු ලබයි.