ප්රගතිශීලී ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇති කරුණු 22 කින් සමන්විත යෝජනාවලියට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ සහාය ඔහුට ලබාදෙන බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ප්රගතිශීලී ජාතික ව්‍යාපාරය ලෙස වෘත්තීය සමිති සහ ක්‍රියාකාරී සංගම් 23 ක් එක්ව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට බාරදීමෙන් පසුව මේ වනවිට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි.
එසේම පසුගිය සමයේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන්ගෙන් 75෴ ක් මේ වනවිට සංගමය ගෙන ඇති තීරණයට කැමැත්ත පළකර සිටින බවත්, ඉතිරි පිරිසද සම්බන්ධ කරගැනීමට කටයුතු කරගෙන යන බවත් ජයසුන්දර මහතා පවසා සිටියේය.