ප්‍රංශයේ IS ප්‍රහාරයත් සමග ආරක්ෂාව තර කරයි
පැරීසියේ දුම්රියක් තුළ සිදු වූ වෙඩි තැබීමත් සමගම එරට පොදු ප්‍රවාහන සේවාවල ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ පොලීසිය කටයුතු කර තිබේ.
දුම්රියට ඇතුළු වූ අයුබ් අල්-කසානි නමැති ආයුධ සන්නද්ධ IS ඉස්ලාමීය අන්තවාදී හිතවාදියෙකු පසුගිය සිකුරාදා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පසු එහි සිටි මගීන් පිරිසක්ම ඔහුට පහරදී මෙම තැනැත්තා පාලනය කර ගැනීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විපතක් වළක්වා ගැනීමට හැකිවී තිබුණි.
මොහු සිරියාවේ ඉස්ලාම් රාජ්‍යයේ සටන් සඳහා ගොස් නැවත පැමිණි අයෙකු බව ප්‍රංශ පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී එම දුම්රියේ ඇමෙරිකානු ආරක්ෂක හමුදාවට අයත් පුද්ගලයන් කිහිප දෙනෙකුද සිටි බැවින්, ඔවුන්ද මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට ඉදිරිපත් වී ඇති බවද වාර්තා වෙයි.
මොහු ප්‍රංශයේ පැරිස් නුවර ෂාලි හෙබ්දෝ සඟරා කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයටද සම්බන්ධ යැයි සැකකෙරෙන අතර, ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කෙරෙන බව ප්‍රංශ පොලීසිය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
