ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනය ඉලක්ක කරමින් එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන දිනයේදී පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුණු පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මස් කපන මන්නයක් අතින් ගෙන, ව්‍යාජ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇඟලාගෙන මෙම සැකකරු පැමිණි බව පොලීසිය කියයි.
2015 ජනවාරි මාසයේදී පැරීසියේ චාර්ලි හෙබ්දෝ කාර්යාලයට ප්‍රහාර එල්ල වී වසරක් ගතවන අවස්ථාවේදී ජනපති ප්රංශුවා හොලන්දේ පොලීසියට ස්තූති කරමින් කතාවක් පවත්වා විනාඩි කිහිපයක් ගතවන තැන මෙම සිදුවීම සිදුව ඇත.
ඉස්ලාමීය අන්තවාදී තුවක්කුකරුවන් විසින් චාර්ලි හෙබ්දෝ කාර්යාලය හා යුදෙව් සුපිරි වෙළෙඳ සැලක් ඉලක්ක කරමින් මීට වසරකට පෙර එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.