ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිතුරු සම්බන්ධතාව සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
ඉන්දියානු සාගර කළාප භාර ප්‍රංශ නාවික හමුදාවේ ඒකාබද්ධ අණදෙන නිළධාරී රියර් අද්මිරාල් ඩිඩියර් ප්ලැටොන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර අද (28දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී මේ පිළිබඳව දෙපාර්ශ්වයේ කරුණු හුවමාරු කර ගත්තේය.
ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව හත්වන වරටත් සංවිධානය කරන ලද සාගර ආරක්ෂාව පිළිබඳ “ගාලු කථිකාව” සාගර සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට රියර් අද්මිරාල් ඩිඩියර් ප්ලැටොන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් -මැරින් ස්චු මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය. සාකච්ඡාවෙන් පසුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් රියර් අද්මිරාල් ඩිඩියර් ප්ලැටොන් මහතා වෙත සමරු තිළිණයක් ප්රදානය කෙරිණ.