ප්රංශ ජනපතිවරණයේ පළමු වටයේ පෙරමුණ ගත් එමානුවෙන් මැක්රොන් හා මැරීන් ලී පෙන් එහි දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා තිබේ.
ප්රංශ ජනපතිවරණයේ ඊයේ (23දා) පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී ගණනය කළ ජන්ද ප්රමාණය වූ සියයට 96ක් සියයට 23.9ක් එමානුවෙන් මැක්රොන් ලබාගෙන ඇති අතර ලී පෙන් මහත්මිය ලබාගෙන ඇත්තේ 21.4 ක ප්රතිශතයකි.
ඉතිරි අපෙක්ෂකයන්ට 20%ක ප්රතිශතය ඉක්වමා යෑමට නොහැකි විය.
මෙවර ප්රංශ ජනපතිවරණය ජයග්රහණය කරනු ඇතැයි බොහෝ විචාරකයන් පවසන ස්වාධීන අපේක්ෂක මැක්රෝන් වත්මන් ප්රංශ ජනපති ප්රංශුවා හෝලන්දේගේ රජයේ ආර්ථික ඇමති වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු එයින් ඉවත්වී නව පක්ෂයක් ආරම්භ කර තිබේ.
යම් හෙයකින් ඔහු මෙම මැතිවරණය ජයගතහොත් ප්රංශයේ ලාබාලම ජනපති ලෙස පත්වීමට අවස්ථාව තිබේ.
ප්රංශ ජනපතිවරණයේ දෙවැනි අදියර මැයි 07 දා පැවැත්වීමට නියමිතය.