ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කර දේශපාලන පළිගැනීම් වශයෙන් රැකියාව අහිමි වූ, උසස්වීම් නොලැබූ සහ ස්ථාන මාරුවීම් ලැබූ ආදී සියලු දෙනාට සහන සැලසීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
දින 100 ඇතුළත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට කමිටු එකක් නොව කිහිපයක් හෝ පත්කර මෙම සහන සැලසීමට පියවර ගන්නා බවත්, මෙම තීරණ කඩිනම් කිරිම සඳහා ප්‍රදේශීය මට්ටමින් වුවද කමිටු පත්කර සේවකයන්ට සහන සැලසීමට තමාගේ විරුද්ධතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.