සාමසාර කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා තමා එක්වූ නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියත් එම නාය යෑමෙන් විපතට පත් ජනතාවගේ දිවිය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා මාස 13ක් ඇතුළතවත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ රාජ්‍ය නිලධාරීන්ට නිතිය ක්‍රියාත්මක කළ යුතු බවට තමන් දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
මෙයට පිළිතුරු ලබාදෙමින් නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අවශ්‍ය වන්නේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගැනීම නොව විපතට පත් ජනතාවට සහන සැපයීම බවයි.
" රාජ්‍ය නිලධාරින් නීතිය ක්‍රියාත්මක කිරීම නොවෙයි කළ යුත්තේ විපතට පත් ජනතාවගේ ජිවිතය නැවත යථා තත්ත්වයට ගෙන ඒමයි. හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්දේශයේ වගකිව යුතු මහජන නියෝජිතයෙකු ලෙසත් අපි බලාපොරොත්තු වුණේ හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ජනතාවට උදව් කරයි කියලා. නමුත් එය සිදුවුණේ නෑ.
විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට නීතය ක්‍රියාත්මක කරන්න කියලා ඔහු පවසනවා. යහපාලන ආණ්ඩුව අපෙන් පළිගන්න බැරිවුණාම දැන් රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගන්න හදනවා. අපිත් සමග තිබෙන තරහ රාජ්‍ය නිලධාරීන් පිටින් යවන්න එපා. පළිගන්න ඕන නම් අපෙන් පළිගන්න අසරණ ජනතාවට සහන සලසන්න" යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.