නැගෙනහිර, ඌව, බස්නාහිර, දකුණ, වයඹ හා සබරගමුව පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවත්, වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු තීරවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි නිසා ඒ පිළිබඳව ධීවර ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය සඳහන් කළාය.
දිවයින අභ්‍යන්තරයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50ක් දක්වා ඉහළ යා හැකි බවත්, මුහුදු තීරවලට වැසි ඇති වන විට අකුණු ඇතිවීමට පවා ඉඩ ඇති බවද ඇය පවසා සිටියාය.