පළාත් සභා සභාපති ධුරයට කථානායක නම ඉල්ලයි
පළාත් සභාවල සභාපති ධුරය, කථානායක ධුරය ලෙසට වෙනස් කරන්නැයි ඉල්ලා පළාත් සභා සභාපතිවරුන් විසින් සම්මත කරගෙන ඇති යෝජනාවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත ලබාදී තිබේ.
පසුගියදා පැවැති පළාත් සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේදී ඉදිරිපත්ව ඇති මෙම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවට ඇමතිවරයා විසින් බාර දී තිබේ.
ඒ අනුව පළාත් සභාවේ සභාපතිධුරය පළාත් කතානායකධුරය ලෙසටත්,උපසභාපතිධුරය නියෝජ්‍ය කථානායක ධුරය ලෙසටත් වෙනස්කරන ලෙසට එමගින් ඉල්ලා තිබේ.
මෙම යෝජනාව බස්නාහිර පළාත් සභාවේ සම්මත වී තිබෙන අතර, එහිදී ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණක් එම යෝජනාවට විරුද්ධ වී තිබෙන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය යෝජනාවට පක්ෂ වී තිබේ.
ජාතික හෙළ උරුමය සදහන් කරනුයේ පළාත් කථානායක ධුරයක් ඇතිකිරීම බෙදුම්වාදයට ගමන්කිරීමක් බවයි. රටේ ඒකීයභාවයට ඉන් හානියක් වන බවත්,මෙම යෝජනාව ඉවත් කළ යුතු බවත් එම පක්ෂය අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

