මේ වනවිට පළාත් සභා 9 සතුව වාහන 15,946 පවතින බවත් එයින් ඉන් ධාවනය කළ නොහැකි තත්ත්වයේ වාහන සංඛ්‍යාව 1592ක් බවත් ඒ ප්‍රමාණය පළාත් සභා සතුව පවතින සමස්ත වාහනවලින් 10%ක් පමණ වන බවටත් අනාවරණය වී තිබේ.
මින් වැඩිම වාහන සංඛ්‍යාව වන 3563ක් පළාත් සභාව බවට පත්ව ඇත්තේ බස්නාහිර පළාත් සභාව වන අතර එහි ඇති ධාවනය කළ හැකි වාහන සංඛාව 3563 හා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින සංඛාව 384ක් ලෙස ගණන් බලා තිබේ.
රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද කොම්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර ඇති මෙම දත්ත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
පළාත් සභාවන්ට අයත් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින වාහන කඩිනම් අපරහණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදීමට ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පළාත් සභාව
|
ධාවනය කළ හැකි වාහන
|
ධාවනය කළ නොහැකි වාහන
|
මුළු වාහන සංඛ්‍යාව
|
මධ්‍යම
|
1716
|
175
|
1891
|
නැගෙනහිර
|
1579
|
423
|
2002
|
උතුරුමැද
|
649
|
43
|
692
|
වයඹ
|
1322
|
80
|
1402
|
උතුරු
|
1719
|
236
|
1955
|
සබරගමුව
|
1197
|
71
|
1268
|
දකුණ
|
1600
|
123
|
1723
|
ඌව
|
1009
|
57
|
1066
|
බස්නාහිර
|
3563
|
384
|
3947
|
එකතුව
|
14354
|
1592
|
15946
|