බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (30දා) උදෑසන 8.30 සිට අදාළ දිස්ත්රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ වීමට නියමිතය.
මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පෙබරවාරි මස 05 වැනිදා දහවල් 12.00 න් අවසන් වන අතර, නාමයෝජනා භාරගැනීම පෙබරවාරි 06 වැනිදා දහවල් 12.00 ට අවසන් වේ.
අද (30දා) පස්වරු 4.00 වනවිට කොළඹ දිස්ත්රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් 04ක්ද, මාතර සහ ගම්පහ දිස්ත්රික්කවලින් ස්වාධීන කණ්ඩායම් 02 බැගින්ද, කළුතර හා ගාල්ල දිස්ත්රික්කවලින් ස්වාධීන කණ්ඩායම් 01 බැගින්ද ඇප මුදල් තැන්පත් කර තිබිණි.