මේ වසරේ පළාත් සභා පාසල් සංවර්ධනයට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රුපියල් කෝටි 1000 ක් වෙන් කර තිබෙනවා. එමඟින් පාසල් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත්තේ, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන යටතේයි. ලෝක බැංකු ආධාරයක් ලෙස ලැබෙන මේ මුදල් පළාත් සභා නවය සඳහා සම සමව ලබාදෙනවා.
අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන මඟින් ප්‍රධාන කරුණු තුනක් යටතේ පළාත් සභා පාසල් සංවර්ධනය කළ හැකියි. එනම්,
01. පාසල් වලට ළමයින් පැමිණීම වර්ධනය කිරීම.
02. අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය.
03. අධ්‍යාපන පරිපාලන ව්‍යුහය වර්ධනය.